• විදුහල්පතිතුමාගේ පණිවිඩිය

    විදුහල්පතිතුමාගේ පණිවිඩිය

    ශ්‍රී ලංකා නීති විද්‍යාලීය සිංහල සංගමය වෙත, “e-නීතිය” සඟරාව නීති අධ්‍යාපනය හා ශිෂ්‍ය ප්‍රජාවගේ බුද්ධිමය සංවාදයන් වර්ධනය කරමින්, සමාජයට නීතියේ වටිනාකම් සන්නිවේදනය කරන ශාස්ත්‍රීය හා සාහිත්‍යමය වේදිකාවක් ලෙස ඉතාමත් අගනා කාර්යභාරයක් ඉටු කරයි. නීතිය යනු සමාජ සාධාරණත්වයේ පදනම වන අතර, එහි ගැඹුරු අදහස් හා…

  • සභාපතිතුමාගේ පණිවිඩය

    සභාපතිතුමාගේ පණිවිඩය

    මුළුමහත් ලෝකය ම ක්‍රමයෙන් ඩිජිටල්කරණය වූ යුගයක, විද්‍යුත් මාධ්‍යය ඔස්සේ ළඟා විය හැකි නෛතික සඟරාවක් ලෙස, ‘e-නීතිය’ සඟරාව, නීති ශිෂ්‍ය ප්‍රජාව වෙත දායාද කිරීමට හැකි වීම සම්බන්ධයෙන්, ශ්‍රී ලංකා නීති ශිෂ්‍ය සිංහල සංගමයේ සභාපති ලෙස මා හට ඇත්තේ නිහතමානී ආඩම්බරයකි.…

  • ප්‍රධාන ලේකම්තුමාගේ පණිවිඩය

    ප්‍රධාන ලේකම්තුමාගේ පණිවිඩය

    වර්තමාන ඩිජිටල් යුගයේ ජීවත් වන ශ්‍රී ලාංකේය නීති ශිෂ්‍ය ප්‍රජාවට සිය දැනුම හුවමාරු කර ගැනීම උදෙසා අන්තර්ජාලය මූලික කරගත් පද්ධතියක අවශ්‍යතාවය වසර අසූ තුනක ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන්නා වූ අප සංගමයට අවබෝධ වුණු අතර e නීතිය සඟරාව සංකල්පය හඳුන්වා දීමට…

  • නීතියද? යුක්තියද? 

    නීතියද? යුක්තියද? 

    දූවිල්ලෙන් බැදුණු සුවිසල් නීති පොත් අතර හිරවී තිබෙයි නීතිය, තද කවරයෙන් බැඳ, දිගු වගන්තියෙන් ඔප මට්ටම් කර   අයිතීන් හා සත්‍යතාවය පෙරදැරිව ඔවුන් සටනට එන්නේ දෑස් බැදගෙනය. වචනයෙහි පරිසමාප්තය නීතියට පෙරළා ඔවුහු සාමදානව විසිර යන්නේ සැබෑ යුක්තියේ දෙවඟනන් සේය   නීතිය අන්ධ වුනත් යුක්තිය අන්ධ නොවේ, යුක්තිය දකින්නේ පාර්ශවයන් හෙළූ කදුළයි, ඒ කදුළේ  වේදනාව අදුරන්නේ යුක්තිය පමණයි   සෝමාවතීගේ නඩුව අසන්නේ නීතිය වුවත් ශ්‍රියානිගේ නඩුවට යුක්තිය හිස ඔසවයි, එකම නඩු නිමිත්තේ ඉරණම් දෙකක්, මෙයනම් සැබෑ සූදුවක්   නීතිය පලිහක්ද මිනිසා රකින? නැත්නම් එය සෙල්ලමක්ද මිනිස් ජීවිත හා කරන? ලොකු ලොකු වගන්ති වලට යටව, යුක්තිය පරදීද සෑමවිට?    නීතිය වගේ නෙවෙයි යුක්තිය,එහි නෑ බර වචන, ඒත් තිබුණා ලොකු බරක් මිනිස් හදවත්වලට   ද‍යාවෙන් තොර නීතියක්, ආත්මය නැති සිරුරක් වැනිය, එසේ නම් සිදුවන්නේ යුක්තියට නෑ එහි ඉඩක් කිසිවිට      …

  • ගී රසවින්දන

    ගී රසවින්දන

    සුනිල් ආරියරත්න මහතාගේ ගී පද සංකල්පනාවෙන් නිර්මාණය වූ මෙම ” යදමින් බැඳ විලංගුලා” ගීතය සංවේදීත්වයෙන් අනූන සහ ප්‍රේක්ෂක හදවත් කඳුළින් ස්පර්ශ කරලීමට සමත් වූ ගී පැදි පෙළකි. මෙම ගීතය තුළින් ඉතිහාසයේ නොමැකෙන එක් කලු පැල්ලමක් වන 1988 – 1989 ජනතා…

  • අඳුර දරන හඬක් : සදා නොමැකෙන මතකයක්

    අඳුර දරන හඬක් : සදා නොමැකෙන මතකයක්

      නටබුන් වූ පොළොව මත ගිනිගත් හදකින් පිදුරු වූ මලක කඳුළකට ගොළු වූ වේදනාවක සේයාවකි ඔබ.   ලේ විලක පිපුණු රතු නෙළුමක වැටුණු තැනම දැවෙන අහිංසක සිහිනයක මියගිය ආත්මයක අඳුරු සෙවණැල්ලකි ඔබ, යුගයක කතාවයි “රාණි.”   හඬක් විය ඔහු හදවත තුළ යටපත් කළ කල්ප ගණනකට පෙර ගිලී ගිය සත්‍යය කඩුල්ලේ අභිමානය.   නමුදු එම සත්‍යය දරාගත නොහැකි වූ ලෝකයක මරණයේ දෑතට යටත් විය ඔහු නිර්භීතව, අමානුෂිකව.…

  • Untitled post 208

    බලන් උන්නෙමි දිනක් එන තෙක්ඔබේ නෙතු ලඟ කෝළ වන්නටපෙරුම් පිරුවෙමි දිනක් හෝ මමඔබේ ප්‍රේමිය වී හිදින්නට උදා වූවත් මෙදින එදවසපලා ගොස් මගේ හදේ පෙම් කවඔබත් සමගින් සිනාසෙමි මමමතක් කර කර සොඳුරු මතකය එදා පොපියපු මගේ හදවතගොලුවෙලා අද මුකුත් නොකියමඅතීතය තුළ…

  • ශ්‍රී ලංකාවේ 5 වන වාණිජ මහාධිකරණය විවෘත කරයි

    ශ්‍රී ලංකාවේ 5 වන වාණිජ මහාධිකරණය විවෘත කරයි

    2026 මාර්තු 23 වන දින ශ්‍රී ලංකාවේ 5 වන වාණිජ මහාධිකරණය, කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේදී විධිමත්ව විවෘත කරන ලදී. වාණිජ නඩු කඩිනම් කිරීම සහ ආර්ථික ක්‍රියාකාරකම් වල නීතිමය ප්‍රතිසංස්කරණ ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් මෙම නව අධිකරණය ස්ථාපිත කර ඇත.  මෙය අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ පාලන…

Mihin De Silva

Editor – Law Students’ Sinhala Union

Pramod Kaweeshwara

Assistant Editor – Law Students’ Sinhala Union