ප්‍රධාන ලේකම්තුමාගේ පණිවිඩය

වර්තමාන ඩිජිටල් යුගයේ ජීවත් වන ශ්‍රී ලාංකේය නීති ශිෂ්‍ය ප්‍රජාවට සිය දැනුම හුවමාරු කර ගැනීම උදෙසා අන්තර්ජාලය මූලික කරගත් පද්ධතියක අවශ්‍යතාවය වසර අසූ තුනක ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන්නා වූ අප සංගමයට අවබෝධ වුණු අතර e නීතිය සඟරාව සංකල්පය හඳුන්වා දීමට තීරණය කරන ලද්දේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

නීති විද්‍යාලීය ශිෂ්‍ය ප්‍රජාවට නිරන්තරයෙන් සිය විචාරාත්මක අදහස් දැක්වීමට පර්යේෂණ කිරීමට හා කුසලතාවන් ඉදිරිපත් කිරීමට අගනා ඉඩ ප්‍රස්ථාවක් මෙම ඩිජිටල් වේදිකාව තුළින් අත්පත්වනු ලැබෙයි .

මා මෙම සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස කටයුතු කරන කාලසීමාව තුළම මෙම ඊනීතිය සඟරාව හඳුන්වාදීමෙන් සමස්ත නීති ශිෂ්‍ය ප්‍රජාව තුළම සිදුවන්නා වූ ඩිජිටල් පෙරළියෙහි කොටස්කරුවකු වීමට ලැබීම මහත් භාග්‍යයක් කොට සලකන අතර මෙහි මූලිකත්වය ගන්නා වූ අප සංගමයේ සංස්කාරක හට මාගේ හෘදයාංගම සුභාෂිංසන එක් කරනු කැමැත්තෙමි.

මෙම ඩිජිටල් වේදිකාව අපෙන් පසුවද තවත් චිරාත් කාලයක් ඉදිරියට නීති ශිෂ්‍ය ප්‍රජාවගේ සුභ සිද්ධිය උදෙසා ප්‍රයෝජනයට ගනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු.

පසිඳු වල්පිටගම
ප්‍රධාන ලේකම්
ශ්‍රී ලංකා නීති ශිෂ්‍ය සිංහල සංගමය