නීතියද? යුක්තියද? 

දූවිල්ලෙන් බැදුණු සුවිසල් නීති පොත් අතර හිරවී තිබෙයි නීතිය,

තද කවරයෙන් බැඳ, දිගු වගන්තියෙන් ඔප මට්ටම් කර

 

අයිතීන් හා සත්‍යතාවය පෙරදැරිව ඔවුන් සටනට එන්නේ දෑස් බැදගෙනය. වචනයෙහි පරිසමාප්තය නීතියට පෙරළා ඔවුහු සාමදානව විසිර යන්නේ සැබෑ යුක්තියේ දෙවඟනන් සේය

 

නීතිය අන්ධ වුනත් යුක්තිය අන්ධ නොවේ, යුක්තිය දකින්නේ පාර්ශවයන් හෙළූ කදුළයි, ඒ කදුළේ  වේදනාව අදුරන්නේ යුක්තිය පමණයි

 

සෝමාවතීගේ නඩුව අසන්නේ නීතිය වුවත් ශ්‍රියානිගේ නඩුවට යුක්තිය හිස ඔසවයි, එකම නඩු නිමිත්තේ ඉරණම් දෙකක්, මෙයනම් සැබෑ සූදුවක්

 

නීතිය පලිහක්ද මිනිසා රකින? නැත්නම් එය සෙල්ලමක්ද මිනිස් ජීවිත හා කරන? ලොකු ලොකු වගන්ති වලට යටව, යුක්තිය පරදීද සෑමවිට? 

 

නීතිය වගේ නෙවෙයි යුක්තිය,එහි නෑ බර වචන, ඒත් තිබුණා ලොකු බරක් මිනිස් හදවත්වලට

 

ද‍යාවෙන් තොර නීතියක්, ආත්මය නැති සිරුරක් වැනිය, එසේ නම් සිදුවන්නේ යුක්තියට නෑ එහි ඉඩක් කිසිවිට

 

            සදිනු කව්සික ෆොන්සේකා

(පළමු වසර)