කලුගල් තලාවක පින්සලක වත
මැවී දැවටී ඇයි මේ විරහ මත
පියඹා පැමිණෙන්නද මේ වියරු සිත
අතහැර දමා යන්නද සිරගෙදර වෙත
ඉහළින් ඉගිලෙන වලාකුළු දැක
පැතුමන් තියේනම් ඇයි මෙලෙස මැක
පහළට පියඹලා පවනක සුවදට
එන්නටම බැරිනම් ඇයි කසුප් රජුට
නිල්වන් දෙකොපුල් වල නෙළුම් මල් සිතුවම
දුරක් ඇවිද ගියාදෝ දවසෙක
ප්‍රේමයක සුවදට හදවත සසලව
මා සොයා ආවොත්, ඇයි මේ විරහව
ඈතට ඇදී යන තරුකා දැක
කදුළක් නොසලනු මැන මේ මහ කන්දට
රජුනි ඔබ නැතිනම් මෙහි මා තනිවම
අතපසු වූවාදෝ මේ පෙම් කතාවම
ඩබ්. ඩනිල් ද සිල්වා
ආනන්ද විද්‍යාලය
කොළඹ 10

