සභාපතිතුමාගේ පණිවිඩය

මුළුමහත් ලෝකය ම ක්‍රමයෙන් ඩිජිටල්කරණය වූ යුගයක, විද්‍යුත් මාධ්‍යය ඔස්සේ ළඟා විය හැකි නෛතික සඟරාවක් ලෙස, ‘e-නීතිය’ සඟරාව, නීති ශිෂ්‍ය ප්‍රජාව වෙත දායාද කිරීමට හැකි වීම සම්බන්ධයෙන්, ශ්‍රී ලංකා නීති ශිෂ්‍ය සිංහල සංගමයේ සභාපති ලෙස මා හට ඇත්තේ නිහතමානී ආඩම්බරයකි. නීතිමය කාරණා පිළිබඳ නීති ශිෂ්‍යයන්ගේ දැනුම වර්ධනය කරමින් ශාස්ත්‍රීය සාකච්ඡා පරිමණ්ඩලයක් ගොඩනැඟීම උදෙසා මෙම සඟරාව බෙහෙවින් ඉවහල් වනු ඇතැයි මම අපේක්ෂා කරමි. එසේ ම ඉන් ඔබ්බට ගොස් ඔවුන්ගේ නිර්මාණාත්මක සහ රසවින්දන හැකියා පුළුල් කර ගැනීමට ද මෙමඟින් වේදිකාවක් සැපයෙනු ඇත.

e-නීතිය සඟරාව එළිදැක්වීමට හැකි වීම ශ්‍රී ලංකා නීති ශිෂ්‍ය සිංහල සංගමයේ මෙන් ම නීති ශිෂ්‍ය ඉතිහාසයේ ද සන්ධිස්ථානයක් බව මගේ අදහසයි. ඒ අනුව මෙම සඟරාව පිළිබඳ සංකල්පය රැගෙන ඒමේ සිට මේ දක්වා විවිධ අයුරින් සහය දැක්වූ සහ දායකත්වය සැපයූ සංස්කාරකවරුන් ඇතුළු සමස්ත සහෝදර නීති ශිෂ්‍යයන්ට ගෞරව පූර්වක කෘතඥතාව පළ කර සිටිමි.

කේශර වික්‍රමආරච්චි
සභාපති
ශ්‍රී ලංකා නීති ශිෂ්‍ය සිංහල සංගමය