අතරමං වුන හීන පොදිවල 

ඉමක් සොයමින් ඔහේ ඇවිදින 

මගේ ලෝකයේ කුමරු වන්නට 

එන්න බැරිදෝ එක් භවයකට 

 

පළමු ප්‍රේමයේ කටුක මතකය 

සඟවලා සිටි සුරතලිය අද 

තෙතමනක් නැති යකඩ ගැහැණිය 

යදිනවා ඔබේ බොලඳ ප්‍රේමය 

 

ගැහැණු මායම් වියැකි ගොස් අද 

දිවිය යොමු වී අරමුණක් වෙත 

බොලඳ වන්නට යළි ගැහැණු සිත 

දෙන්නේ කොහොමද මම කුමරු සඳ 

 

ඔබට හැකිනම් යළි හදන්නට 

බිඳී ගිය මගේ කෝල වූ සිත 

යළිත් වනු ඇත සොඳුරු යුවතිය 

අතීතය තුළ දැවීලා අළු වුන

 

 

මෙනුකා විජේසිංහ

(දෙවන වසර)